ඔබ කොහේ හරි ඇතිoba kohee hari aethi

Oba Kohe Hari Athi

Music:
සඳරුවන් ජයසිංහsandaruwan jayasinha
Lyrics:
මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චිmanjula prabhaath hettiaarachchi

Lyrics

ඔබ කොහේ හරි ඇති

මට පෙනී නොපෙනී
මට දැනී නොදැනී
ඔබ කොහේ හරි ඇති

මට පෙනී නොපෙනී
මට දැනී නොදැනී
මේ විසල් විශ්වයේ
(ඔබ කොහේ හරි ඇති...//)

(මලක් වී අතු අග පිපී
සුවඳ දි සුළගේ එතී
තරුවක්ව අඳුරේ දිලී
උණුසුමක සිහිලක වෙලී...//)
පෙනී නොපෙනී ඔබ හිඳී

(අරුණේ බොඳ වුණු පැතුම වී
රැයේ ඉගිලෙන සුසුම වී
මතකයක නොනිදා රැඳී 
තනිකමක කඳුලක වෙලී...//)
දැනී  නොදැනී ඔබ හිඳී

මට පෙනී නොපෙනී
මට දැනී නොදැනී
මේ විසල් විශ්වයේ
ඔබ කොහේ හරි ඇති

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.