ඔබ කියනා කතාoba kiyanaa kathaa

Oba Kiyanaa Katha

Lyrics

ඔබ කියනා කතා - ඒ සුරංගනා
පණ ඉපැද්දීලා එනවා
ඒ සොදුරු කතා - රස පිරුනු කතා 
ලොව මිහිර මවා දෙනවා
ඒත් ආසයි අහන් ඉන්නට 
කියන හැම වාරේ///

එක මලක් දැක්කත් මල් වැලක්
පොද වැස්සට වැව් ගං පිරේ
ගස් පෙළක් දැක්කත් වන පෙතක්
තුන් දෙනෙකුගෙන් පාරක් පිරේ//

ඔබ කියනා...

අල්පයක් ලැබුනත් රජ මඟුල් 
දස ලක්සෙට කොඩිවැල් ඇදේ
එක හොඳක් දුටුවත් පින් කඳක්
ඔබ දකින සැටි ලෝකේ අගෙයි//

ඔබ කියනා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.