ඔබ ඉන්නේ කොහෙද කියාoba innee kohedha kiyaa

Oba Inne Koheda Kiya

Lyrics

ඔබ ඉන්නේ කොහෙද කියා
මම සොයනවා ලෝකේ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා

සිත සැනසුම දෙන්න සදා
තනිකම නොදැනෙන්න කියා
මහ බඹු මට මැව්ව එයා
හමුවෙනතුරු ඉන්නේ බලා

ඔබ ඉන්නේ ....

ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
සොයමින් ජීවිතේ පාළු මකා
මල් මල් මාවතේ ආදර රන් ල‍ඳේ
ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්

දුර ඈතඳ ඉන්නේ ඔයා
මේ ලඟමද ඉන්නේ බලා
මා ගයනා ගීය අසා
ඔබ එයිදෝ මාව සොයා

ඔබ ඉන්නේ ....
ලස්සන ලෝකයේ ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.