Lyrics
ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟ
නෑ පලක් දුර ඉඳීමෙන්
ඔබ ආදරේනම් එන්න ළඟටම
නෑ දුකක් ළඟ ඉඳීමෙන් //
හිත දැවෙයි රෑ දවාලේ
ඇයි මෙහෙම දේස වාසේ
තුන්සිතට වේදනා දී
ඔබ යාවි පාවී පාවී
ආදරය නෙත් හැගීමෙන්
දුක නිවෙයි ළඟ හිඳීමෙන්
ඔබ යාවි පාවී පාවී
ඔබ සොයා සිත ඉගිල්ලී
ඇස් දෙකම අන්ධවුයේ
නිම්නයේ නිල්ල සේදී
ආදරය නෑවී නෑවී
දුක නිවන පෙම් සිනාවෙන්
සිත නිවෙයි දුක නැසීමෙන්
ඔබ යාවි පාවී පාවී
ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟ
නෑ පලක් දුර ඉඳීමෙන්
ඔබ ආදරේනම් එන්න ළඟටම
නෑ දුකක් ළඟ ඉඳීමෙන්