Lyrics
ඔබ ඉන්න සිනාසී බඹරුන් ඉඟිල ගියාවේ
මලින් මලට ආදරයේ රහස් කොඳුරලා
මට දෙන්න ආදරේ මා ඉන්න ළං වෙලා
නිල් කටරොඩු මල් කුමාරියෙ....
ගුමු ගුමු ගී හඬ ඇසුනා ගීතයක් වගේ
රස මුසුකර එය ගැයුවේ ආදරෙන් ඔබේ
රේණු සළලා මල් පෙති විහදා
රොන් උරනා බඹරු මලට ආදරේ නැතේ
ඔබ ඉන්න සිනාසී......
අහිංසකයි මල් අතරේ ඔබේ ජිවිතේ
සුවඳ නැතත් රුව නැතුවත් ආදරේ තියේ
රේණු සළලා මල් පෙති විහදා
රොන් උරනා බඹරු මලට ආදරේ නැතේ
ඔබ ඉන්න සිනාසී......