Lyrics
ඔබ හොඳින් ඇති කියා වැඩි කලක් හිනැහිලා
ඔබේ යහපතම බලා හෙට දිනම මියැදුණත් මට සැපයි
මා හිරිහැරයක් ලෙස දැනුණත් දිනෙක් ඔයාම ආයෙත්
පසුතැවෙයි බොහෝම මගේ අගය වැටහිලා.......
දෙනෙත සේ රැක බලාගන්න නැතිමුත් වරම්
හැකි ලෙසින් පෙම් කළා මට රන්මසු බොහෝ නැතිවුණත්
මා හිරිහැරයක් ලෙස දැනුණත් දිනෙක් ඔයාම ආයෙත්
පසුතැවෙයි බොහෝම මගේ අගය වැටහිලා.......
ඔබ හොඳින් ඇති......
හරි කෙනා මම කියා පොරොන්දු මහ ගොඩක්
නොදුන්නා නම් ඔබත් මේ හැටි ලොකු දුකක් නෑ මටත්
මා හිරිහැරයක් ලෙස දැනුණත් දිනෙක් ඔයාම ආයෙත්
පසුතැවෙයි බොහෝම මගේ අගය වැටහිලා.......
ඔබ හොඳින් ඇති......