Lyrics
ඔබ හින්දා බෑ මට මේ තරම්
ඉවසන්න කල්පනා
සිත මාගේ කරකවා ඔබ ලගට ගත්තේ මා
හිත මෙන්න නෑ දැන්නම් ඔබ මා වශී කළා
හිත මෙන්න නෑ දැන්නම් ඔබ මා වශී කළා
ඔයා මොකද කැරකීලා මගේ හිත වටා ගියේ
වශී වෙන්න මොනවාද ඔබෙන් ඔය තරම් උනේ
වශී උනේ මම රුවට ඔබේ එය බැන්ද සෙනේ සංසාරේ ප්‍රියේ
එකම දෙයයි ඉල්ලන්නේ ප්‍රියේ පිලිගන්නෙපා අන් ළඳක සෙනේ
ඔබ හින්දා බෑ මට... /
ආදරේ ආශා හෝඩිපොත කියවාලා
මෝහනය වුවා මා ඔබේ තුරුලේ නැලවීලා
රත්තරනේ හැමදාම ඇවිත් මට ඉන්න දෙන්න ඔබේ තුරුලේ රැදී
මාව බැඳන් කරකාර මගුල් ඔබ ගන්න දිනේ කවදාද අනේ
ඔබ හින්දා බෑ මට... /