ඔබ හිමි වුණා නොවෙයිoba himi wunaa noweyi

Oba Himi Una Noweyi

Lyrics

ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා
අප ළංවුනා නොවෙයි ඔබ මා ළං කලා
හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා
අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා

(හිත නතර වුන තැනින්
හිත ආපසු ගන්න බැරි...//)
ඔබ නගන විටදි හසරැලී
හදවතින් නොවෙයි සියුමැලි

ඔබ හිමි වුණා නොවෙයි....

(අපි අසරණයි නමුදු
දැන් ආපසු යන්න බැරි...//)
අප එකට වසමු මියුලැසී
ලෝකයට බයෙන් ගල් ගැසී

ඔබ හිමි වුණා නොවෙයි....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.