ඔබ හීනෙන් ඇවිත්oba hiinen aewith

Oba Heenen Awith

Lyrics

ඔබ  හීනෙන් ඇවිත් ආදරෙන් තුරුළු වී අහස සේ ලඟම අන්නා
සිත පිබිදෙන්න ඔබ ළඟම ආයේ ඔය සෙනෙහසම හැමදාම ඕනේ
ඔබේ හිත ළඟම දැවටෙන්න ආවේ පැතු හීනය ඔයාමයි හැම වාරේ
මුළු සංසාරයේ ඔබෙ වෙලා ඉන්නෙමි ආදරෙන් ළං වෙලා

සියොතුන්ගේ ගී නදේ කියවුණේ ඔබ ගැනයි
තටු සලයි ආදරේ ඔබ සොයා
මා බලා ඉන්නවා එනතුරා
මේ බැඳුන සිත ඔබටමයි ඇත්තමයි යන්නෙපා මා දමා
සිත පිබිදෙන්න ඔබ ළඟම ආයේ ඔබ සෙනෙහසම හැමදාම ඕනේ

මීදුමේ හැංගිලා සීතලට ගුලිවෙලා
පෙම් හැගුම් මව මවා ඉන්නවා
ඔබ මගේ වෙනතුරා සැමදා
මේ බැඳුන සිත ඔබටමයි ඇත්තමයි යන්නෙපා මා දමා
සිත පිබිදෙන්න ඔබ ළඟම ආයේ ඔබ සෙනෙහසම හැමදාම ඕනේ
ඔබේ හිත ළඟම දැවටෙන්න ආවේ පැතු හීනය ඔයාමයි හැම වාරේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.