ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන්oba hiinayak wagee haadhu waessak aran

Oba Heenayak Wage

Lyrics

ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි...//

මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කදුලැලි දරන්
මම මඟ බලා සිටියා
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ  ‍එතැයි සිතා
සිල් බිදලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා..

ඔබ හීනයක් වගේ...//

මේඝ දුක් හද රැදුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී
පහන් දොරකට සවන් දොර හැරුනා
තරු ඇසත් පිපුණා...
සඳ ලබන්නී මා...
සරා සඳ ලඟ මා.

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.