ඔබ හරිම ලස්සනයි නංගියේ - oba harima lassanaioba harima lassanayi nangiyee - oba harima lassanai

ඔබ හරිම ලස්සනයි නංගියේ - oba harima lassanai

Lyrics

ඔබ හරිම ලස්සනයි නංගියේ 
මට අහන්නට හිතයි නම ඔබේ
හිනැහෙන්නකෝ නගේ ඔරවන්න එපා අනේ
මම ඔබට ආදරෙයි නංගියේ 

පිනි වැටිච්ච හිමිදිරියේ එන්නම් 
මල් අහුලා ඔබට ගෙනත් දෙන්නම් 
හැමදාමත් ආදරෙයි කියන්නම් 
ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම් 

පාලු හිතට ඔබ ළංවෙනවානම්
මලක් සේමා මා ඔබ රැක ගන්නම්
කඳුලක් වී වෙන්වෙලා ගියෝතින්
අහිතක් නෑ මං තනියෙන් ඉන්නම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.