ඔබ හඩනවනම්oba hadanawanam

Oba Handanawanam

Lyrics

ඔබ හඩනවනම් මහ හයියෙන් හඩන්න රාධා
මට ඇහෙන දුරින් හිදින්න රාධා
සිහින ලොවේ රෑ තිස්සේ නොපෙනී රාධා
මට පේන දුරින් ඔබේ සුසුම විදින්න රාධා
ලගට වෙලා තුරුළු වෙලා ඔබේ සුසුම විදින්න රාධා

දුර ආකාසේ තරු අතරේ නොයින්න රාධා
මගේ නෙත් අතරේ රශ්මිය වී හිදින්න රාධා
පුර හඳට මුවා වෙලා හොරෙන් නොපෙනී රාධා
මගේ උරහිස මත අටවක දා නිදන්න රාධා

ඔබ හඩනවනම් මහ හයියෙන් හඩන්න රාධා
මට ඇහෙන දුරින් හිදින්න රාධා
ලගට වෙලා තුරුළු වෙලා ඔබේ සුසුම විදින්න රාධා
මලක් වෙලා අර අතු අග නොපෙනී රාධා
මා ලගම පිපී සුවඳ දිදී හිදින්න රාධා
ජිවිතයම ගිනියම් වූ දීර්ගතම රාතියයි මේ රාධා
මට පේන දුරින් හිදින්න රාධා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.