ඔබ ගාව සෙව්වාට මං අයිතියoba gaawa sewwaata man ayithiya

Oba Gawa Sewwata

Lyrics

ඔබ ගාව සෙව්වාට මං අයිතිය
ඉඩ නෑනෙ නවතින්න ළගපාතක
අපෙ මතක හිත අස්සෙ වද දුන්නට
හොද නේද වෙන්වීල අපි යන එක

දන්නා තරම් කෙරුවෙ නෑ පාපයක්
අගයක් නැතී රුපියලක් ඔබට මං

මගෙ කියල රැකගත්තෙ අන්සතු දෙයක්
දැනගත්තෙ පහුවීල මං ඒ බවක්
පෙම් කළ සිතින් දෙන්න බෑ සාපයක්
නටබුන් උනා දැකපු හැම හීනයන්

මට දැනෙන දුක ඔබට නම් නැතුවැතී
මේ සසරෙ විදවන්න හොදටම ඇතී
පළදන්න මිණිකිරුළ මතු දිනකදී
ජය සතුට වේවා ඔබට හිතවතී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.