ඔබ ගාව මම ඉන්නෙමිoba gaawa mama innemi

Oba Gawa Mama Innemi

Lyrics

(ඔබ ගාව මම ඉන්නෙමි
සුසුමන් වගේ යාවෙවී
තනියේ තුරුල්වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ළං වෙවී
තරුමල් කඩා දෙන්නෙමි...//)

මිණි සේ දිලෙන්නේ තරු සේ නිවෙන්නේ
ඔබගේ සිනා දෑස නේදෝ
නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ
වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන්නෑ ළඳේ

මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
ගුවනේ පියාඹන්න වේවී
අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
මිතුරන් සොයා යන්න වේවී
ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළඳේ
දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ

(ඔබ ගාව මම ඉන්නෙමි
සුසුමන් වගේ යාවෙවී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ළං වෙවී
තරුමල් කඩා දෙන්නෙමි...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.