ඔබ ගැන නිතරම මගේ සිතoba gaena nitharama magee sitha

Oba Gana Nitharama Mage Sitha

Lyrics

ඔබ ගැන නිතරම මගේ සිත විමසනවා
හද තුළ සිතුවිලි සසලව තෙරපෙනවා
(රෑ සිහිනෙන් මා එන්නම් 
ඔබේ රුව දැක සැනසෙන්නම්...//)
සත්තයි ඔබේ රුව දැක මා සැනසෙන්නම්
ඔබ ගැන නිතරම මගේ සිත විමසනවා
හද තුළ සිතුවිලි සසලව තෙරපෙනවා...

මග තොට දුටු විට හිනැහිලා මොනවද පැවසුවේ
හොරැහින් මා දෙස බලාලා ඇයිදෝ ඉඟි කළේ
පාළුව තනිකම දැනීලා කඳුලින් නෙත් පිරේ
එන්නට හිතෙනවා සොයාලා කුමරුනි මා ඔබේ
ඔබ හට ආදරේ බව නම් ඇත්තමයි...

ඔබ ගැන නිතරම...

කියන්න හිතෙනවා හමුවෙලා ඔබහට ආදරේ
තවමත් නැතිවද දැනිලා මාගේ ආදරේ
ආදර හසුනක් ලියාලා දෙන්නද මා ප්‍රියේ
නෑ නෑ මා ඔබ හමුවෙලා කියනෙමි ආදරේ
වෙන් වෙන්නෑ මා ඔබගේ සත්තමයි...

ඔබ ගැන නිතරම...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.