Lyrics
ඇසිපිය ගසන හැම තැනම ඔබ ඉන්නවා
නෙත නිදි නැතිව පැතු හීන හිත දවනවා
මම දුර ඈත ඔබ එක්ක පිය මනිනවා
අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා
හිත දවනවා නෙත ඉකි බිඳිනවා අද
ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා
නෑ සුදු සේල මුතු මාල කුමරී මගේ
නිල් නෙතු දෑල හැමදාම අහිමී ඔබේ
මගේ මනමාල හිත තාම නුහුරුයි වගේ
බැමි බිඳදා ඔබ ගාව සැතපෙමි කෙසේ
හිත රිදෙනාවා හිත ඉකි ගසනවා අද
ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා
ඔබ දුර ඈත සිතිජයක තරුවක් වගේ
මම තනියෙන්ම මෙහි මෑත මහා සාගරේ
මතු යම් දිනෙක ඔබ නේන බව මට හැඟේ
මියයන තුරුම තනියෙන්ම වාවනු කෙසේ
ගතු කියනවා හිත ඉකි බිඳිනවා අද
ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා