ඔබ දුටු දාoba dhutu dhaa

Oba Dutu Da

Music:
සිතුම් අභිෂේක්sithum abhisheek
Lyrics:
හර්ශ මධුරංගharsha madhhuranga

Lyrics

ඔබ දුටු දා කිති කැවුනා සිත සත්තමයි සදා
නෙතු නොනිදා මග බැලුවා යලි හමුවනා තුරා 

මුළු සංසාරේ පුරා ඔබ මගෙම වෙලා 
ළඟ ඉන්න හසඟනාවී 
සිත සනසා නුඹ ඇවිදින් අද සිහින ඉටුවෙලා මාගේ 

නෙතුවේ දැවටිලා ඉඟි පෑව සේයාවී 
හදවතේ නැංගුරම් ලා මනමාලකම් පාවී 
       
මුළු සංසාරේ පුරා....

රෑ සිහින සරසාලා හිනැහීලා සුරඟනාවී 
හිත ලෝබකම් කෙරුවා නුඹ ගාව අප්සරාවී

මුළු සංසාරේ පුරා....

ඔබ දුටු දා කිති කැවුනා සිත සත්තමයි සදා
නෙතු නොනිදා මග බැලුවා යලි හමුවනා තුරා 

මුළු සංසාරේ පුරා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.