ඔබ දුන්නු දුකින්oba dhunnu dhukin

Oba Dunnu Dukin

Music:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
Lyrics:
සත්සර කසුන් පතිරණsathsara kasun pathirana

Lyrics

ඔබ දුන්නු දුකින් මා තනිවෙමි ඔබේ සතුට පතා
නොඑන ලෙසින්ම හැර ගියා මගේ පණයි ඔයා
මට විතරද දුක දැනෙන්නේ මතක සිහිකර
මගේ ඇස් විතරද හඬන්නේ කඳුළු ළං කරන්......

මුළු රැයක් පුරාම නිදි වරලා ඇස් 
නුඹ ගැන පමණයි සිහිකෙරුවේ
යටි හිතේ පවා ඔයා ඉන්නවා පෙර වාගේ
ඔබ නැතුවම මේ දුක දකින්නේ කව්ද මගේ හිතේ 
වෙන් වෙන්නද පෙම් කෙරුවේ ඔයා මේ තරම්
මං තරමට පෙම් කෙරුවේ නෑනේ රත්තරන්......

එක හිතක් පතාන මං විඳිනා දුක 
මගේ හිත විතරයි එය දන්නේ
ඔබ මගේ කියා තාම හිතනවා පෙර වාගේ
ඔබේ සතුටම මං පතන්නේ තවම පෙර වගේ
වෙන් වෙන්නද පෙම් කෙරුවේ ඔයා මේ තරම්
මං තරමට පෙම් කෙරුවේ නෑනේ රත්තරන්......

ඔබ දුන්නු දුකින්.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.