ඔබ දුන් ආදරේoba dhun aadharee

Oba Dun Adare

Music:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
Lyrics:
නලේන්ද්‍ර බාලසූරියnaleendhra baalasuuriya

Lyrics

ඔබ දුන් ආදරේ වෙනකෙකු සතු වෙයිදෝ කියා
මා සිතුවිලි විමසන්නේ නිතරා
වෙරළේ දිවුරා හිස මත කී ඒ කතා මට නැති වේවිද 
කම් නෑ මගේ දයා.....

ඔබ මගේ ජීවිතේ රැජිණියයි ආදර දෙවොලේ දෙව්ලියයි
අහසට සුන්දර සඳ ඔබයි මා සිත කලඹන රූ ඔබයි
නමුදු මියුලැසී නමුදු ම්යුලැසි....
(ආදරේ කාටදෝ ප්‍රියේ....//)

සාගරේ වෙරළට රළ ඔබයි නෙත් යුග අද්දර සිතුවමයි
කවියක සුන්දර එළි වැටයි මා සිත නලවන රූ ඔබයි
නමුදු මියුලැසී නමුදු ම්යුලැසි....
(ආදරේ කාටදෝ ප්‍රියේ....//)

ඔබ දුන් ආදරේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.