ඔබ දේදුන්න ආකාසයේoba dheedhunna aakaasayee

Oba dedunna akasaye

Lyrics:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

Lyrics

ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ

සුළ‍ඟේ නළවා
පෙර සේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී ගලා//

ඔබ දේදුන්න ආකාසයේ...

ගගනේ පියඹා
කැදලි නොඅඹා
ඔබ ආ ගිය දා
සිට මා ඉන්නේ උමතු වෙලා//

ඔබ දේදුන්න ආකාසයේ...

ඔබ මල් විලකි
මා එහි මලකි
සුවඳින් කැලතී
යමු පීනන්න දියවැල් සලා//

ඔබ දේදුන්න ආකාසයේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.