ඔබ දන්නවානම්oba dhannawaanam

Oba Dannawanam

Music:
චමත් සංගීත්chamath sangiith
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

ඔබ දන්නවා නම් ඔබගේ නමින් මම‍
කඳුළු සැලුව තරම්
නෑ දුරින් ඉන්නේ තවත් ඔබ
වෙන්වෙලා මා කෙරෙන්
බිඳුවක් හිතේ ඇතිනම් සෙනේ
ඔබ එන්න යළි මා සොයා
ඔබටයි ප්‍රියේ මම ආදරේ අහිමි වූවත් ඔයා...

මතකේ පුරා අතුරලා සුරතල් සිනා
සිටියත් මගෙන් වෙන්වෙලා දුරකට වෙලා
බිඳුවක් හිතේ ඇතිනම් සෙනේ
ඔබ එන්න යළි මා සොයා
ඔබටයි ප්‍රියේ මම ආදරේ අහිමි වූවත් ඔයා...

කඳුලින් නුවන් පුරවලා දිවි ඇති තුරා
රැවටෙන්නෙපා කිසිමදා මම මෙන් ඔයා
බිඳුවක් හිතේ ඇතිනම් සෙනේ
ඔබ එන්න යළි මා සොයා
ඔබටයි ප්‍රියේ මම ආදරේ අහිමි වූවත් ඔයා...

ඔබ දන්නවා නම්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.