Lyrics
ඔබ දන්නවාද දන්නේ නෑ
මං ආදරේ කළා සිතින් කියා
ඔබ මා ලඟින් තියා
මං ආදරෙයි කියා
කියන්නේ කෙසේදෝ කියා දන්නේ නෑ
සිතුම් සිතේ තද කරන්
පැතුම් මල් ගොඩක් පොදි බැඳන්
දුටුදා ඉඳන් හදේ
බැඳි ආදරේ රසේ
ඔබට කිවේ නෑ
ඔබට තව කිවේ නෑ
ඔබ දන්නවාද...
හැඟුම් දැන් හුඟක් දුර ගිහින්
සිතින් වෙන් කරන්න බැරි තරම්
නොකියූ වදන් මෙසේ
නොකියා ඉඳින් කෙසේ
සිත ඉවසන්නේ නෑ
සිතට ඉවසන්න බෑ
ඔබ දන්නවාද...