Lyrics
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
ඇති ඉහලම සතුටයි මෙලොවේ //
සඳ කිදුරියේ ඔබොපිය සෙවනේ
ලොව සොඳුරිය පින්බර ලඳුනේ //
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
ඇති ඉහලම සතුටයි මෙලොවේ //
මිහිරිය ඔබ අහසෙහි සඳු වේ
මගෙ සිතුවිලි එහි ඇති කඳු වේ //
ඒ තරමට සෙනෙහස මතුවී
නිහඩව නිදියයි සිත නතු වී //
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
ඇති ඉහලම සතුටයි මෙලොවේ //
සපු මලේ පිපුණු තනි ඉත්තේ
මගෙ සුවඳද ඔබ අරගත්තේ //
මතු දින මා පරවිය යුත්තේ
ඔබෙ මොලකැටි අත් යුග මත්තේ //
ඔබ දැකුමෙන් ....