ඔබ දකිමින් මුළු රැයක් පුරාoba dhakimin mulu raeyak puraa

Oba Dakimin Mulu Rayak Pura

Lyrics

ඔබ දකිමින් මුළු රැයක් පුරා මම හෙලූ සුසුම් තනි වී
ඉගිලී නිල් අහස පුරා සෙවූ තරම් නොදනී
නොහැගුනේ .... මට නොහැගේ සොඳුරේ
නොහැගුනේ .... මට නොහැගේ දැනේද ඔබට සොඳුරේ

පාවී යන වලාකුලේ
ඉමක් කොනක් නොපෙනේ
හැංගී යලිත් ඔබ දෙසම බලා
පවසමි ආදරෙයි කියා

ඔබ දකිමින් මුළු ....

මල් පිපි අතුරා ගනසා
ඔබ එන මග සරසාලා
සුළං රෝදේ දැවටී සැනහි
උඩු ගුවනට මුහු කරමි

ඔබ දකිමින් මුළු ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.