ඔබ දැක ගන්නටoba dhaeka gannata

Oba Daka Gannata

Music:
සුනිල් ධර්මසේනsunil dhharmaseena
Lyrics:
රිශ්වාන් දූල්rishwaan dhuul

Lyrics

ඔබ දැක ගන්නට තව සැරයක්
දැවෙනා මගෙ සිත දහස් වරක්
සිතැගි කියන්නට මසිත රැදී
යලි හමු වේ නම් මඟ තොට දී//......

මගෙ නෙත ඔබ දුටු පුංචි දැයේ සිට
දිව යයි දස අත මට හීලෑ නැත
ඔබ යලි දකින තුරා
සොයනෙමි දසත පුරා

තරුවක් වී ඔබ රෑ මගෙ තනියට
පායනු දුටුවෙමි ලස්සන සිහිනෙක
සැබැවින් හමුවේ නම්
සෙනෙහස පවසන්නම්

ඔබ දැක ගන්නට තව සැරයක්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.