ඔබ ඇවිත් යන්නoba aewith yanna

Oba Awith Yanna

Music:
ධම්මික එදුසුරියdhhammika edhusuriya
Lyrics:
ධම්මික එදුසුරියdhhammika edhusuriya

Lyrics

ඔබ ඇවිත් යන්න යළි මා ළඟට 
තාමත් මම ඔබටයි ආදරේ
මෙහි ඇවිත් හදට ළංව ආදරෙයි මට කියන්න
(මගේ ලෝකය යළි ලස්සන වේවි.......//)

(රෑට රෑට දකින හීන පාට පාට සිතුවමක් වගෙයි.....//)
හැම හීනෙකම ඔබ පෙනෙන්න 
හීන මායිමේ රැඳෙන්න
සොඳුරේ මගේ නෙත් ඔබට තමයි......

(හැමදාකම තුරුලේ ඉඳන් 
ඉස්සර නම් ආදරෙයි කියයි......//)
හැම මොහොතේම මට පෙනෙන්න 
මාගේ හීනයේ රැඳෙන්න
සොඳුරේ මගේ හීනේ ඔබ තමයි......

ඔබ ඇවිත් යන්න.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.