ඔබ ඈතට වීලාoba aethata wiilaa

Oba Athata Weela

Music:
ප්‍රසන්න දිසානායකprasanna dhisaanaayaka
Lyrics:
අයෝද්‍ය ප්‍රනාන්දුayoodhya pranaandhu

Lyrics

(ඔබ ඈතට වීලා ඇයි තවමත්
ළංවෙන්න හිතෙන්නේ නැද්ද ඉතින්
ඔබේ සුවඳ දැනෙනවා මට තවමත්
ඒ සුවඳ අරන් යන්නෙපා ඉතින්....//)

මං ඈත ඉඳන් ඔබ දිහා බලන්
ඔබේ රූ සිරි විඳගත්තා රහසින්	
සිනා පිරුණු ඔය දෙතොල් අගින්
(මට මුමුණා කියන්න මිහිරි වදන්...//)

ඔබ ඈතට වීලා.....

මගේ හදවත පතුලෙන් නැගෙන සුසුම්
දෙනෙත් පුරා මම හඬන හැඬුම් 
ඔබ දන්නවාද දුක් විඳින තරම්
(මගේ සිතේ තියෙන ආදරේ තරම්....//)

ඔබ ඈතට වීලා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.