ඔබ ඇපල් මලක් වාගේoba aepal malak waagee

Oba Apple Malak Wage

Music:
සංගීත් වික්‍රමසිංහsangiith wikramasinha
Lyrics:
කැලුම් ශ්‍රීමාල්kaelum shriimaal

Lyrics

ඔබ ඇපල් මලක් වාගේ 
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ
පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටී....
ඔබ ඇපල් මලක් වාගේ 
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ

ඇස් පියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ
කීරි ‍ගැහෙන සිත අනුහස අයදී ප්‍රේම‍යේ
එය පමණක් ශේෂය වී නම් පුර්වාත්මයේ
ඔබ ගැවසෙන මා සිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදෙකලාව අවනඩුවක් ගෑණු ළමයෝ.....

ඔබ ඇපල් මලක් වාගේ 
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ

ඉටි රූපෙ අපූරුව විඳින්න මං හරි ආසයි
පින්තූරේ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදෙකලාව අවනඩුවක් ගැණු ළමයෝ.....

ඔබ ඇපල් මලක්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.