Lyrics
(ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා...//)
අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමුවූයේ
ඒ ඈත් බවිනි හද බඳුනේ
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ
ඔබ ඈත සඳ....
මධු සඳ තරු අද හමුවීලා
සිටියද ඔබ මා ළංවීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා
ඔබ ඈත සඳ....//