ඔබ අද මාගෙන් ඈත් වෙලාoba adha maagen aeth welaa

Oba Ada Magen Ath Wela

Lyrics

ඔබ අද මාගෙන් ඈත් වෙලා 
යන්නට ගියපු නිසා
ආයෙ ඔබනම් එන්නෙපා මේ 
හදවතේ ඉඩ සොයා
ඔබ හට පවරපු ආදරේ
සදහට සින්න වෙලා
හිතක් පපුවක් නැති ඔබට මං
ආදරේ කල නිසා...

මම මැරුනු දවසකට බොරුවට ඔයා
මා හට නිවන් සුව පතන්නට එපා..//

කිසිදා සුව නොවනා වේදනාවෙන් පිරී
අපායක් වෙලා මගෙ ජීවිතේ..
මැරිමැරී උපදිනා හිත මගේ පෑරිලා
ඔයා දුන්නු ගින්දරින් පිච්චුනා...
 
අපගේ ආදරයත් කෙටි කතාවක් වගේ..
නිමා කරල දැම්මේ ඔබමනේ..
ඔබෙ මුසා පෙම නිසා
අතරමං උනේ මා...
ජීවිතේම ශාපයක් වෙලා

ඔබ අද මාගෙන්....

මා මැරුනු දවසකට

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.