නුවර වැවේnuwara waewee

Nuwara Wawe

Lyrics

නුවර වැවේ - නුවර වැවේ - නුවර වැවේ
සුනිල දියේ - කුමුදු පිපේ - ඇහැළ මහේ 
මල් බර ඇහැළ මහේ 

හැන්දෑ යාමේ කොමළ කුමරියෝ - වැව රවුමේ හැසිරේ
කුඩා ළමෝ ප්‍රීතියෙහි ගැළීලා - ඇවිදිති සිරි නරඹා
මල් බර ඇහැළ මහේ 

හේවිසි හොරණෑ ඝණ්ඨා නාදය - දළදා මැදුරෙන් පැතිරෙන්නේ
සැදැහැවතුන්ගේ සාධු සාධු හඬ - ඒ සමගම මුසු වන්නේ
මල් බර ඇහැළ මහේ 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.