නුරාවීnuraawii

Nurawee

Music:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
Lyrics:
තරින්ද කසුන්tharindha kasun

Lyrics

රූ තෝරනා නෙතේ ඈඳිලා උන්මාද නිල් තාරුකා     
ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පිදීලා 
මන්දාර සුවඳේ හමා ආ සංසාර සිහිනේ ඔයා 

නුරාවී දෑස ගස්සා සිනාවී හීන වැස්සා 
මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා 
නුරාවී දෑස ගස්සා සිනාවී හීන වැස්සා 
මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා 

කොපුලේ පුරා සිතුසේ සරා 
කෙහෙරැල්ල සුලැඟිල්ලේ සෙල්ලම් කලා 
ළමැදේ පවා සුවසේ නිදා
නළරැල්ල ඔච්චම් කලා
මන්දාර සුවඳේ හමා ආ 
සංසාර සිහිනේ ඔයා

නුරාවී දෑස ගස්සා...

රූ තෝරනා නෙතේ...
නුරාවී දෑස ගස්සා...
ඉබේ හැරිලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.