නුරාවනීnuraawanii

Nurawani

Music:
යුකී නවරත්නyukii nawarathna
Lyrics:
අනුෂ්ක උදානanushka udhaana

Lyrics

නුරාවනී බලන් මා දිහා වරින් වරේ 
අනුරාගිනී දවන් මා හදේ නිවෙනා ගිනි
හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
හිත තාමත් සොයනා 
සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා.....

(ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා නුරාවනී ඔයා.....//)

ප්‍රියාවිනී සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී
මිහිරාවනී මන්මත් වී ඔබගේ රුවින් මිදී 
හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
හිත තාමත් සොයනා 
සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා.....

(ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා නුරාවනී ඔයා.....//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.