Lyrics
ඉනාව වාගේ හිනාව මූණේ
ගෙනාව හීනේ හැමදාම කාලෙ ගෙවුණේ
උපන්න ප්‍රේමේ තියාන මහදේ
බලාන ඉන්නේ පැතු වචනෙ ලැබෙනකන් මේ
හිත දෑස නොයිවසිල්ලේ
හංගල හසරැල්ලේ
ලස්සන දකින්නටයි ආශා මං කෙල්ලේ
නුරංගනා සිතුවිලි අවුස්සනා
සුර ලොවින් ගෙනා
රුව මගේ හිතේ දිලේ දිලේ....//
නා දළු සම දෙතොලේ
ඔය රෝස මල් කොපුලේ
විඳිනට පහස ඇලුම් නොසන්සිඳේ මගේ හිතේ
නිල්මිණි නෙතු සඟලේ
මනලෝල බැල්ම දැලේ
වෑහෙන වසඟ කැළුම් අනන්ත සේ හැඟුම් ගෙනේ
හිත දෑස නොයිවසිල්ලේ
හංගන හසරැල්ලේ
ලස්සන දකින්නටයි ආශා මං කෙල්ලේ
නුරංගනා සිතුවිලි අවුස්සනා....//
ඉඟිබිඟි අතරතුරේ
රැගෙනාවෙ අනගසරේ
අරගෙන ලමැදෙ ලැගුම් වසන්තයේ දසුන් ලෙසේ
දවසක ඔය ඇසුරේ
තැනු මාගෙ පෙම් මැදුරේ
ඉටුකරගනිමි පැතුම් නුඹෙන් හිතේ පිරිච්ච මේ
හිත දෑස නොයිවසිල්ලේ....
නුරංගනා සිතුවිලි අවුස්සනා....////