Lyrics
නුරා අම්බරේ පෑයූ සරා සඳ මගේ
සදා සැගවුනේ අදුරේ තනිවෙමි කෙසේ
සතුට නිමවුනා මතක වැලපුනා
සිනා සැගවුනා දෑසේ කදුළු බොඳ උනා //
ආලෝකේ නෑ පෙම් සිහිනේ නෑ
ඔබ එන්නේ නෑ පණ මගේ
අහිමි පෙම්සිනා නොලැබ දුර ගියා
සුසුම් නුඹ ගෙනා රහසේ හඩ වැලපුනා
නිදි නැති සීතේ තනිකම බෝ වේ
හිමි දුකදෝ මේ සංසාරේ
අහිමි පෙම්සිනා නොලැබ දුර ගියා
සුසුම් නුඹ ගෙනා රහසේ හඩ වැලපුනා
නුරා අම්බරේ ....