Lyrics
හැඟුම්බර නෙත් කැල්මන් පුරා ආදරේ වෑහෙනා
කෝල සිත දඟකම් කළා නිදි නැති රෑ පුරා
ළං වෙන්න මල් සුවඳක් වෙලා ජීවිතේ සනසනා
රැකගන්න මං ඉන්නේ බලා පෙම් හීනේ දකිමිනා...
රහසින් කවුදෝ ඉඟි කළා සිත් අහසට සඳ වැඩියා කියා
අමාවක සඳ නෑ කියා මං තනිකමට ආශා කළා...
(නුපුරුදු වූ ආදරේ ඔබේ නමින් ලියැවුණේ
දිවිතුරා ජීවිතේ...//)
දෙතොලින් නොකියූ කාරණා මගේ සිතට දුක් දෙනවා කියා
වෙනකෙකුට හිමි නෑ මෙමා නුඹ නෙතු මතට පායා සදා...
(නුපුරුදු වූ ආදරේ ඔබේ නමින් ලියැවුණේ
දිවිතුරා ජීවිතේ...//)
හැඟුම්බර නෙත්.....