නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේnumbe suwanda pirunu punchi kaamaree

Numbe Suwanda Pirunu

Music:
නිමල් ජයකොඩිnimal jayakodi
Lyrics:
ධර්මරත්න පෙරේරාdhharmarathna pereeraa

Lyrics

(නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මේ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ...//)

(මගෙ සමරු පොතේ රෝස පිටු සොයා
මුතු අකුරු පේළියක් ලියු ඔයා...//)
සිහිවටනයක් ලෙසින් තවත් තියේ
සමනල පියාපතක්ය ජීවිතේ

නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ....

(සිත දුරක ගියා ආදරේ සොයා
මුතු කඳුළු බිංදුවක් ගලා ගියා...//)
සමු ගැන්ම වේදනාවකී ලොවේ
මේ ඉන්ද්‍රචාපයක්ය ජීවිතේ

නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.