නුඹ පේනාnumba peenaa

Numba Pena

Music:
හසිත් සාරංගhasith saaranga
Lyrics:
තරින්ද කසුන්tharindha kasun

Lyrics

දවටාන අත්වැල් ගිය දිනේ මැවෙනවා 
මම තාම සත්තයි ඔය සෙනේ විඳිනවා 
(නුඹ පේනා සිහිනේ සුව ගේනා...//) 

හිත නෑනෙ මෙච්චල් ඔය සෙනේ සොයනවා 
මට වාව ගන්නත් බැරි තැනේ හැඬෙනවා 
(නුඹ නේනා සිහිනේ දුක පේනා...//) 

පින්තාරු මුහුනේ කැල්ම - සන්තාන නිවනා බැල්ම 
කොයි කාටදෝ ළං වුනේ 
සංසාරෙ තියෙනා කල්ම - රළු දෑතෙ ගුලිවී ඉන්න 
මං කාටදෝ පේ වුනේ 

නොම රැඳී දෑස මානේ ඔය සෙනේ විඳිනවා 
දුර රැඳී ඈත මානේ ඔය සෙනේ සොයනවා 
නුඹ පේනා සිහිනේ සුව ගේනා 
නුඹ නේනා සිහිනේ දුක පේනා 

හැදුවාට නෑවිත් ඉන්න - උහුලාන මේ හිත් ගින්න 
හංගන්න බෑ ආදරේ 
හිතුනාම ආයෙත් එන්න - හැමදාට නූනත් එන්න 
හංගන්නෙපා ආදරේ 

නොම රැඳී දෑස මානේ ඔය සෙනේ විඳිනවා 
දුර රැඳී ඈත මානේ ඔය සෙනේ සොයනවා 
නුඹ පේනා සිහිනේ සුව ගේනා 
නුඹ නේනා සිහිනේ දුක පේනා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.