නුඹ මටත් මගේ පණටත්numba matath magee panatath

Numba Matath Mage Panatath

Music:
H M ජයවර්ධනh m jayawardhhana
Lyrics:
අතුල අයදේවathula ayadheewa

Lyrics

නුඹ මටත් මගේ පණටත්
පව් ගෙනෙයි උදෙත් හවසත්
දුව වගේ පිපුණු මලටත්
පෙම් කරයි මගෙද වරදත් //

සඳ වගේ මාත් දිලුනා
ඒ සඳේ නුඹත් ඇඳුනා
සඳ එළිය අනේ නිවුණා
නුඹෙ සිතත් මගෙන් මිදුණා //

නුඹ මටත් ....

නුඹ සිතින් කොහොද යන්නේ
යළි දුකින් නොවෙද ඉන්නේ
මගෙ පණත් දෙවැනි වෙන්නේ
ලොකු දුවෙක් අපට ඉන්නේ //

නුඹ මටත් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.