Lyrics
ගඟුලැලි හැඩයි වස්සානය ආවාම
සඳවත හැඩයි තරු අඹරේ පිපුණාම
සිහිනය දිගයි සිතුවිලි ලය රැඳුනාම
නුඹ මට දුරයි සංසාරේ මං තාම
රළ පෙළ සැඩයි තනිකම හිත රැඳුනාම
මිරිඟුව ළඟයි කතරක සිත දිව්වාම
නුඹ මට දුරයි ගිම්හානේ හමුවීම
සුසුමක දවයි සංසාරේ පැතු සේම
ගඟුලැලි හැඩයි වස්සානය ආවාම
කඩුපුල් සුවඳ ගලයි හැන්දෑ හිරු ගෙවුනාම
මතකයේ සුවඳ ළඟයි තුරුලේ ලය රැඳුනාම
දෙනුවන නිසලයි නෙත් මානයේ උන්නාම
නුඹ මට දුරයි සංසාරේ මං තාම
ගඟුලැලි හැඩයි ....