නුඹ දුන්නු වේදනාnumba dhunnu weedhanaa

Numba Dunnu Wedana

Music:
රවීන් සේනාරත්නrawiin seenaarathna
Lyrics:
තාරක එන් පතිරණthaaraka en pathirana

Lyrics

නුඹ දුන්නු වේදනා හිත පතුලේ සිර වෙලා
හද ගැස්මේ පවා මගෙ
හීන තියා ඔබ අද වෙනස් වෙලා
මට කීව පෙම් කතා මුදු සුළඟේ පාවුණා
නුඹ ඈත් වෙලා මේ ටික කාලෙට
මගෙන් දුරට ගියා

මගෙ ජීවිතේ වෙලා උන්නු පණ ඔයා
හීන අතරේ මාව හිර කළා
ආදරෙයි කියාලා රවටලා මෙදා
මතක අතරේ මාව තනි කළා

රැය මැදියමේ පවා ඔබ ගැන සිතන්නෙ මා
හදේ පිරුණු ආදරේ නිසා 
පළමු පෙමට නතු වෙලා මා හැර දමා ඔයා 
ඈත් වෙලා මාගෙන් දුර ගියා

නුඹ දුන්නු වේදනා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.