නුඹ දැක මා නිවුනාnumba dhaeka maa niwunaa

Numba Daka Ma Niwuna

Music:
සසිඳු රවීන්sasindu rawiin
Lyrics:
සසිඳු රවීන්sasindu rawiin

Lyrics

මතකයන් අතරේ තනි වී මා 
හීන රහසේ මැවෙයි ඔබ හා මා 
විඩා නිවෙනා ඔබගේ ඒ සිනා 
සොයමී මතකේ වෙලීලා 

නුඹ දැක මා නිවුනා 
ඒ රැවමයි දැනුනා 
කඳුලක රස මැකිලා පාවෙනා 

ආදරේකට තව හේතු සොයනවද 
ආදරේටම ආදරෙයිනම් 
ආදරේකට තව හේතු සොයනවද 
ආදරේටම ආදරෙයිනම් 

නුඹ දැක මා නිවුනා 
ඒ රැවමයි දැනුනා 
කඳුලක රස මැකිලා පාවෙනා 

තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද 
තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී 
තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද 
තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී 

මතකයන් අතරේ තනි වී මා 
හීන රහසේ මැවෙයි ඔබ හා මා 
විඩා නිවෙනා ඔබගේ ඒ සිනා 
සොයමී මතකේ වෙලීලා 

නුඹ දැක මා නිවුනා 
ඒ රැවමයි දැනුනා 
කඳුලක රස මැකිලා පාවෙනා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.