නුහුරු නුපුරුදු රහස (ආදරෙයි මම ආදරෙයි)nuhuru nupurudhu rahasa (aadhareyi mama aadhareyi)

Nuhuru Nupurudu Rahasa (Adarei Mama Adarei)

Music:
සිසිර සේනාරත්නsisira seenaarathna
Lyrics:
කරුණාසේන ජයලත්karunaaseena jayalath

Lyrics

(නුහුරු නුපුරුදු රහස පිළිබඳ
මිහිර ආදරයයි කියා...//)
පවුරු බැඳගෙන‍ සිතක වැජඹුනු
(රසවතී නෑ කොයි ගියා...//)

(ආදරෙයි මම ආදරෙයි...//)
දම්මි තවමත් ආදරෙයි
මවා පියකරු සිහින සිතුවම්
මතු කලා රස බර හැඟුම්
දයාවන්තය යොවුන් සිතිවිලි
(රසකලා ඔබෙ නෙත් කැළුම්...//)

(ආදරෙයි මම ආදරෙයි...//)
සුගත් තවමත් ආදරෙයි
ආදරෙයි මම ආදරෙයි
සුගත් තවමත් ආදරෙයි
අසිරිමත් ලෙස ඇඳුනු දේදුනු
කළු වළාවෙන් යට වුණා
මිහිරියාවිය අනේ දවසක
(ඔබේ හදවත‍ ගොළුවුනා...//)

(ආදරෙයි මම ආදරෙයි...//)
දම්මි තවමත් ආදරෙයි
ආදරය එක අතක ප්‍රේමය
තව අතක මා මැදි වුනා
සාගරය වැනි වේදනාවක
(අ‍හෝ හිතවත තනිවුනා...//)

ආදරෙයි මම ආදරෙයි
සුගත් තවමත් ආදරෙයි
ආදරෙයි මම ආදරෙයි
දම්මි තවමත් ආදරෙයි

ආදරෙයි... ආදරෙයි...
ආදරෙයි... ආදරෙයි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.