නුදුරු දිනෙක අප ගොඩවනnudhuru dhineka apa godawana

Nuduru Dineka Apa Yal Dewi

Lyrics

නුදුරු දිනෙක අප ගොඩවන
යාල් දේවි කෝච්චියේ...
මකුණු දැල් බැඳුණු දූවිලි
පිරුණු මැදිරියේ...

වෙඩි වැදී බිඳුණු වීදුරු
කව්ළුවෙන් බිඳී නොගොසින්
කොළඹ සිට එකම අසුනක
යමුද යාපනේ...

කොළඹ සිට එකම අසුනක
යමුද යාපනේ...

මළ බැඳුණත් රේල් පීලි
යාල් දේවි තව හඳුනයී...
ඉරි තැලුනත් ඉශ්ටේශම
කෝච්චියට හොඳට හුරුයී...

මායිම් නැති දිනෙක බැඳුණ
හිතවත්කම් වෙනස් නොවෙයී...
අපි මැදිවිය පහුකලාට
මතකය තවමත් තරුණයී...

නුදුරු දිනෙක අප ගොඩවන
යාල් දේවි කෝච්චියේ...
මකුණු දැල් බැඳුණු දූවිලි
පිරුණු මැදිරියේ...
වෙඩි වැදී බිඳුණු වීදුරු
කව්ළුවෙන් බිඳී නොගොසින්
කොළඹ සිට එකම අසුනක
යමුද යාපනේ.....

රතු එළියට කෝච්චියක
තිරිංග තද කලා වගේ...
කැඩිච්ච සිංහල පිරිච්ච
කතාව ගොළු උනා ඉබේ...
එකම පීල්ලක දිවයන
කෝච්චියක රෝද වගේ...
අපි හැම එකමුතුව හිටපු
ඉතිහාසය හරිම අගෙයී...

නුදුරු දිනෙක අප ගොඩවන
යාල් දේවි කෝච්චියේ...
මකුනු දැල් බැඳුණු දූවිලි
පිරුණු මැදිරියේ...
වෙඩි වැදී බිඳුණු වීදුරු
කව්ළුවෙන් බිඳී නොගොසින්
කොළඹ සිට එකම අසුනක
යමුද යාපනේ...

කොළඹ සිට එකම අසුනක
යමුද යාපනේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.