නුඹේ පෙම් ලෝකේnumbee pem lookee

Nube pem loke

Lyrics

නුඹේ පෙම් ලෝකේ සුවය විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ලගින් ඉන්න ඇත්නම් ඔය වගේ 
නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි 
වැටකඩොලු සීමා මායිම් බොහොමයි 
හමුවෙන්නවත් නෑ නිදහසේ 
නුඹේ පෙම් ලෝකේ සුවය විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ලගින් ඉන්න ඇත්නම් ඔය වගේ 
	
ප්‍රිය සාදයේදී මා ගී ගයද්දී ඈ ඉන්නවානම් ළඟ හොදයි 
ක්‍රීඩා ලොවේදී මා ජය ලබද්දී ඈ දකිනවානම් හරි අගෙයි 
ඒත් කෝ නෑනේ අනේ තවත් නෑනේ ...//
ලැබුනේ නෑ අවසරේ ඔබ ලගින් නෑ මගේ 
නුඹේ පෙම් ලෝකේ සුවය විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ලගින් ඉන්න ඇත්නම් ඔය වගේ 

සති අන්තයේදී සිනමාහලේදී හමුවන්න ඇත්නම් මා ප්‍රියේ 
ඉර බසින යාමේ මුදු සුමුදු වෙරළේ පෙම් ගී ගයන්නම් ආදරෙන් 
හෝ හෝ කෝ නෑනේ අනේ තවත් නෑනේ 
ඒත් කෝ නෑනේ අනේ තවත් නෑනේ 
ආවේ නෑ ඈ අනේ තනිව මා මගේ ලොවේ 

නුඹේ පෙම් ලෝකේ ....../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.