Lyrics
යන යන හැම තැන ඔබව පෙනෙයි මට
අප කළ හැමදේ සිහියට එයි මට......//
මං තැනූ මාළිගේ බිඳ දමලා
පෙමි සිංහාසනයත් නැති කරලා
කිරි කලයට ගොම බිංඳුවක් දමා
අපේ ප්‍රේමට ඔබ අද නිගා කළා.....
නුඹයි ළං වුණේ නුඹයි වෙන් වුණේ
නුඹත් එපා නුඹේ හිතත් එපා.....//
Every Time Every Minute All The Day
නුඹත් එපා නුඹේ හිතත් එපා
නුඹයි ළං වුණේ නුඹයි වෙන් වුණේ
නුඹත් එපා නුඹේ හිතත් එපා.....
හිතේ ඇති දේ කවි වලින් මට ලිව්වා කිව්වා
මමත් ඒවා හදවතින් පිළිගත්තා ගත්තා......//
ලොව ලොකුම බොරුව මට අද කරලා
මට තිබුණු හිතත් මට නැති කරලා
ඔබ හොර පාරෙම මට අතත් වනා
මගේ හදේ පැලෙන් අද පිටව ගියා......
නුඹයි ළං වුණේ......
කිඹුල් කඳුළින් ලොවම රවටා හැඬුවා හැඬුවා
ලොවත් රැවටී ඔබත් සමඟම උන්නා උන්නා......//
මා ගැන පුරසාරම් මටම ලියත්
මා වැන්නෙක් මේ ලොව නැතැයි කියා
ඔබ හොර පාරෙම මට අතත් වනා
මගේ හදේ පැලෙන් අද පිටව ගියා......
නුඹයි ළං වුණේ......