නුඹට මතක නැති උනාට මට අමතක නෑnumbata mathaka naethi unaata mata amathaka nae

Nubata Mathaka Nathi

Lyrics

නුඹට මතක නැති උනාට මට අමතක නෑ
නුඹගෙ ලොවම ඔහු උනාට මට තරහක් නෑ
නුඹ මා හැර දා ගියාට මගෙ තරහක් නෑ
නුඹ සතුටෙන් නම් මැණිකේ මා හට දුක නෑ

දෑගිලි බැද අප ගිය මග ඔහුත් එක්ක නුඹ යන කල
නොනැගුනාද නුඹෙ මතකෙට පෙර දින අප සක්මන් කල
මා සිප ගත් නුඹෙ දෙකොපුල අද ඔහු සිප ගන්නා කල
නොනැගුනාද පෙර මතකය ඔහු නුඹ අද සිප ගත් කල
නුඹට මතක නැති උනාට මට අමතක නෑ ‍…

මා හැර ගිය නුඹ සතුටෙන් ඉන්නව නම්
පරන මතක නුඹ හට අමතක වී නම්
ඔහුගෙ ලොවට නුඹ සද වී පායයි නම්
තව කුමකට ලතවන්නේ නුඹ ගැන මම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.