නුඹ නෑවිදින් ඉඳන්numba naewidhin indan

Nuba Navidin Idan

Music:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
Lyrics:
සංජය තුසිත් මුරගලsanjaya thusith muragala

Lyrics

නුඹ නෑවිදින් ඉඳන් යන්නටම හදයි
නුඹ ආවොතින් ඉතින් හීනයක් තමයි
සිඹ ස්නේහයෙන් සිතින් ඉන්නටම පතයි
සිය ආත්මයක් ඉන්න මට දුකයි.......
 
සිත රිදුණදෙන් හඬපුදෙන්
මගේ ලොවේ මම තනිවුණදෙන්
නුඹ යන්න නුඹ තනාගත්තු නුඹගේ ලෝකෙට
එ් ලොවට මම දුරයි මට උරුම දුකයි.......

නුඹ නෑවිදින්......

නෙත කඳුලකින් පිරුණදෙන්
දිනූ හදේ නුඹ සැතපුනදෙන්
නුඹ ඉන්න නුඹම පටන් ගත්තු නුඹගේ ජීවිතේ
ඒ ජීවිතේ හැඩයි ඒ හැඩට මට දුකයි.......

නුඹ නෑවිදින්.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.