නුඹ හිනැහුණ දිහා බලාnumba hinaehuna dhihaa balaa

Nuba Hinahuna Diha Bala

Music:
තිලිණ රුහුණගේthilina ruhunagee
Lyrics:
චතුර රත්නායකchathura rathnaayaka

Lyrics

නුඹ හිනැහුණ දිහා බලා හිටියා මම දෙනෙත් අයා
කඳුලැල් පිස දැමු ඔයා ඇයි මේ දැන් තරහා වෙලා
පියවුණ මගේ දෙනෙත් අයා කොහොමද නුඹ දිහා බලා
සංසාරෙන් එතෙර වෙලා හුස්ම පොදක් දුරින් තියා...

ඇහැරෙන නුඹේ හීන ගානේ තනියට හෙවනැල්ල වාගේ
දිවිගමනක ඈත අයිනේ මම ඉන්නම් පේන මානේ
මගේ පපුවට තුරුල් වෙලා හිටි හැටි ඔය නුවන් පියා
මතකද මගේ රත්තරනේ ඇයි අද මගේ ලොව අඳුරු වෙලා...

කඳුළැල් නැහැ ඉතිරිවෙලා පිරුණත් ලොකු අඳුරු වලා
හිත ඇතුළෙන් විඳවන මගේ මේ හදවත නතර වෙලා
නිසලයි නුඹ දිහා බලා හැඬුවත් නෙත් කඳුළු ගලා
දැනුණද මගේ රත්තරනේ මම විඳවන හැටි දිවිය පුරා...

නුඹ හිනැහුණ දිහා බලා.....
ඇයි මේ දැන්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.