නුඹ දුරු රටකnumba dhuru rataka

Nuba Duru Rataka

Music:
අසංක ලක්මාල්asanka lakmaal
Lyrics:
අසංක ලක්මාල්asanka lakmaal

Lyrics

නුඹ දුරු රටක තනිවුණේ 
කාසි පනම් අත නැති හන්දා
නුඹ සෙනෙහස මට අහිමි වුණේ
පෙර පින් මා හට නැති හින්දා
අම්මේ බැල මෙහෙවර කර කාසි හොයන අම්මේ
අම්මේ රන් කහවනු මත දුක් විඳිනවාද අනේ.....

නෙතු නිදි වැරුවා කුසගිනි දැරුවා
දහදුක් විඳිමන් අම්මේ
සෙනෙහස ගැන මට නුඹට ගයන්නට 
උපමා නෑ මගේ අම්මේ
උපමා නෑ මට අම්මේ........

යන විට එන විට පාසලේ මුරදොර 
මව්පියෝ ඉන්නවා අම්මේ
ඔවුන් දකින විට නුඹ සිහිවෙනවා
(හිත වාවනු බෑ අම්මේ.....//)

නුඹ දුරු රටක.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.